දැක්ම (Vision)

"සීමා මායිම් නොමැති අධ්‍යාපනයක් තුළින්, ප්‍රාථමිකයේ සිට උසස් පෙළ දක්වා සෑම දරුවෙකුගේම සහජ දක්ෂතා ඔප්නංවන මෙරට විශිෂ්ටතම ඩිජිටල් අධ්‍යාපන සෙවණ වීම."

මෙහෙවර (Mission)

"ප්‍රාථමික, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් උදෙසා, කැපවීමෙන් සහ උනන්දුවෙන් යුත් ගුරු මණ්ඩලයක් මෙහෙයවමින්, නව්‍ය ඉගැන්වීම් ක්‍රමවේද සහ තාක්ෂණය උපයෝගී කරගෙන, සදාචාරාත්මක හා බුද්ධිමත් පරපුරක් නිර්මාණය කිරීම අපගේ මෙහෙවරයි."

නිර්මාතෘගේ පණිවිඩය

Founder's Message

Sherik Induranga - EduFix Founder

හිතවත් දරුවනි, දෙමාපියනි,

නූතන අධ්‍යාපන ලෝකයේ නව මාවතක් සොයා යන අපගේ අධ්‍යාපන ආයතනය වෙත ඔබ සැම ඉතා ආදරයෙන් පිළිගනිමි. අපගේ මූලිකම අභිප්‍රාය වන්නේ ඔබේ දරුවාගේ අධ්‍යාපනික සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමයි.

අපගේ ගුරු මණ්ඩලයේ සුවිශේෂත්වය

අප ආයතනය සතු විශාලතම ශක්තිය වන්නේ රජයේ පාසල්වල සේවයේ නියුතු, අත්දැකීම් බහුල ප්‍රවීණ ගුරු මණ්ඩලයයි.

  • පළපුරුද්ද සහ නිපුණතාවය: රජයේ පාසල් පද්ධතිය තුළ වසර ගණනාවක අත්දැකීම් ඇති අපගේ ගුරුවරුන්, විෂය නිර්දේශය සහ විභාග රටාවන් පිළිබඳව මනා අවබෝධයකින් යුක්ත වේ.
  • කැපවීම: දරුවෙකුගේ ප්‍රතිඵල ඉහළ නැංවීම වෙනුවෙන් ඔවුන් සිදුකරන අසමසම කැපවීම අප ආයතනයේ සාර්ථකත්වයේ රහසයි.

වගකීම සහ වගවීම (Responsibility & Accountability):
ඔබේ දරුවාගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම සම්බන්ධයෙන් අපගේ ගුරුවරුන් පෞද්ගලිකවම වගකීම භාර ගනිති. දරුවාගේ දුර්වලතා හඳුනාගෙන, ඒවා මඟහරවා ගනිමින් ඉහළම ලකුණු කරා දරුවා මෙහෙයවීමට ඔවුන් නිරන්තරයෙන්ම සීරුවෙන් සිටිති.

නාව්‍ය සහ ආකර්ෂණීය ඉගැන්වීම් ක්‍රම:
සාම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රමවලින් බැහැරව, තාක්ෂණය උපයෝගී කරගනිමින් දරුවාට වඩාත් ආකර්ෂණීය වන අයුරින් (Creative & Interactive) පාඩම් මෙහෙයවීමට අපගේ ගුරුවරුන් දක්ෂ වෙති.

"දෙමාපියනි, වෘත්තීය ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත බවට මම සහතික වෙමි. දරුවාගේ සාර්ථකත්වය වෙනුවෙන් වගකීමෙන් සහ විශ්වාසයෙන් අප හා අත්වැල් බැඳගන්නා ලෙස ඔබට ආරාධනා කරමි."

අනාගතය දකින දරුවන්ට - වගකීමක් ඇති ගුරු පරපුරක්!

මෙයට සෙනෙහසින්,

ෂෙරික් ඉඳුරංග EduFix නිර්මාතෘ (ෂෙරික් සර්)